Skip to content
Tech solutions Tech solutions

all about tech solutions

  • Home
  • Categories
    • Android
    • iOS
    • Linux
    • Windows
  • About Me
Tech solutions
Tech solutions

all about tech solutions

January 20, 2023January 20, 2023

processor OVERCLOCK කරනවා කියන්නේ ???


මේකෙදි කරන්නේ තියන default clock speed එක වැඩි කරන එක (මැනුවලි bios වලට ගිහින් පොඩ්ඩ පොඩ්ඩ වැඩි කර කර stress ටෙස්ට් කරන්න ඕන) Stress test එකක් කලින්ම PC එකේ install කරල තියාගන්න ඕන (CPU stress test කියල google කරාම එනවා) එහෙම clock speed එක වැඩි කරද්දී stress test එක stuck වෙන්න ගන්නවා එතකොට voltage එක දශමෙන් දශමේ වැඩි කර කර stress කරන්න ඕන (bios වල කරන හැම වෙනස්කමකටම සැරයක් stress කරන්න ඕන ) voltage එක 2V වලට වඩා වැඩි කරන්න හොඳ නෑ ,, මෙහෙම යද්දී එක තැනක් එනවා වෝල්ට් එකත් 2V වලට වැඩි කරත් stress එක stuck වෙන තැනක් එතැනදී වැඩි කරපු clock speed එක පොඩ්ඩ පොඩ්ඩ අඩු කර කර ඒ අඩු කරන වාරයක් ගානේ stress කරන්න ඕන අන්න එතකොට එක තැනකදී pc එක stable වෙනවා අන්න එතන තමා උපරිම OC point එක එතැනදී OC කරන එක නවත්තන්න ඕන ..

මේක කරන්නනම් හොඳ cooling system එකක් තියෙන්න ඕන processor එකත් එක්ක එන stock cooler එකෙන් කරන්න බෑ .. මේක Intel වගේම AMD processor වලත් කරන්න පුළුවන් Intel වලනම් මේක කරන්න unlock processor එකක් ඕන (K අකුර අගට එන processor එකක් ) overclock සපෝට් කරන බෝඩ් එකක් ඕන (Z170 , Z390 , X470 ) unlock නොවෙන processor ත් OC කරන්න පුළුවන් ඒක කරන්නේ multiplier එක වැඩි කරලා ඒක කරන්න කලින් රැම් වල speed එක මැනුවලි අඩු කරල ඉන්න ඕන ඒක ටිකක් සංකීර්ණයි ඒත් කරන්න පුළුවන් ( මම මගේ i5 6500 ප්‍රොසෙසර් එක OC කරා multiplier එකෙන් 4.6GHz වෙනකල්)
අන්තිමට කියන්නේ හොඳ cooler එකක් නතුවනම් OC කරන්න යන්න එපා වෝල්ටේජ් එකත් වැඩි කරන නිසා OC කරද්දී processor එක ගොඩක් රත් වෙනවා ,, අනික තමා එක පාර වෝල්ටේජ් එකවත් clock speed එකවත් , multiplier එකවත් ලොකු ගානකින් වැඩි කරන්න එපා .. මේකට හොඳ ඉවසීමක් ඕන පරිස්සමින් කරන්න ඕන … කරල බලන්න ,, හැබැයි පරිස්සමින්

Windows

Post navigation

Previous post

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recent Posts

  • processor OVERCLOCK කරනවා කියන්නේ ???
  • iPhone  එකක් ගද්දී originalම ඩිස්ප්ලේ එක තියෙනවද කියලා දැනගන්න විදිහ
  • Open-AI ChatGPT
  • iPhone mac හා වෙබ් කැම් එකක් ලෙස සවිකර ගන්නා අකාරය.
  • Left or Right Airpod වැඩ කරන්නේ නැද්ද? හේතු සහ එය සාදා ගන්නා ආකාරය!

Recent Comments

No comments to show.

Archives

  • January 2023
  • December 2022

Categories

  • iOS
  • Others
  • Technology
  • Windows
©2023 Tech solutions | WordPress Theme by SuperbThemes