ගොඩක් අය හැමතිස්සෙම මගෙන් අහන දෙයක් තමයි කොහොමද iPhone එකක් ගද්දී originalම ඩිස්ප්ලේ එක තියෙනවදකියලා දැනගන්නේ කියලා. මේක යූස් කරපු iPhone ගන්න හැමෝටම වැදගත් වෙයි. විෂේශයෙන් 2nd Hand iPhones Shop කරන අයට උනත් මේ පෝස්ට් එකේ සමහර දේවල් වැදගත් වෙන්න පුලුවන්.
1- 3U tools verification report.
මේකේ original පෙන්නුවත් ඩිස්ප්ලේ එක ඇත්තටම මාරු කරලා වෙන්න පුලුවන් නමුත් ඒ ඩිස්ප්ලේ මාරුකරලා තියෙන්නේ ඇපල්store එකකින් හෝ third party අපි වගේ original parts යූස් කරලා Display firmware එකත් ගහන කෙනෙක්ගෙන්. ඒකනිසා verification report එකේ original පෙන්නන ෆෝන් එකක්ම ගන්න එක ටිකක් නුවණට හුරුයි.
මෙන්න 3U tools link එක.
* පහල දක්වලා තියෙන කරුණු චෙක් කිරීමේදී ඔබගේ ඇස් වල සංවේදී බව වැදගත්වෙනවා. අනිවාර්‍යෙන්ම මේවා චෙක් කිරීමේදීඅව්ව නැති තැනක brightness උපරිම කර සුදුපැහැ screen එකකදී උතුරු දිශාව බලා චෙක් කල මැනවි.
2- Hue (පැහැහුරුබව)
Original display එකේ තියෙන්නේ yellow Hue එකක්. (කහපාට ගතියක්).නමුත් Original නොවන display වලබොහෝදුරට තියෙන්නේ Blue Hue එකක් (නිල් පාටට බර බවක්)
සැළකිය යුතුයි: මෙය අදාල වෙන්නේ LCD Panel භාවිතාවන iPhone 8Plus සහ ඊට පහල devices සඳහා පමණයි.
iPhone X සහ ඊට ඉහල devices වල pure white display එකක් ඔබට දකින්න පුලුවන්. නමුත් ඒවාවල කොපි ඩිස්ප්ලේවලත් අර කලින් සඳහන් කරපු Blue Hue (නිල් පාට ගතිය) එක දකින්න පුලුවන්.
3- Visible pixels (චූටි චූටි කොටු)
සාමන්‍යෙන් ගොඩක් බාලම display වල සුදුපාට screen එකක බැලුවම චූටි කොටු පේනවා. මෙහෙම පේන්නේ ඒවායේ pixel density සහ resolution එක අඩු නිසා. Original ඩිස්ප්ලේ එකක මෙහෙම පේන්නේ නෑ. Pixel density වැඩි සහresolution වැඩි නිසා.
4- Press (සුදුපාට screen එකක ට්‍රයි කරන්න)
Original නොවන ඩිස්ප්ලේ එකක් එබුවම ඉතාම ඉක්මණින් (සුළු තදවීමකින්ම) නිල්/කලු/ඉන්ඩිගෝ පැහැයක් screen එකේපහලින් මතුවෙනවා. නමුත් සාමන්‍යෙන් ඔරිජිනල් ඩිස්ප්ලේ එකක සුලු තදවීමකින් ඒ වගේ වෙන්නේ නෑ (වීඩියෝව බලන්න).
විශේෂයෙන් 3D Touch තියෙන iPhone එකක නම් (6S හා ඊට ඉහල) මේ press එකට තියෙන resistance එක ගොඩක්වැඩී. ඒකට හේතුව වෙනම extra Flexibility එක අඩු Layer එකක් පැවතීම (3D touch සඳහා)
5- White dots (තිත්) and clouds (වලාකුළු වගේ මෙව්වා)
මේකනම් ලේසියෙන්ම පේන දෙයක්. සුදුපාට screen එකකට ආවම බලන්න පුලුවන් ගොඩක් දුරට original නොවන ඩිස්ප්ලේ වලතියෙනව brightness අඩු තැන් (dots සහ clouds) මේවා ඇතිවෙන්නේ light frame එකේ quality එක අඩු නිසා Light frame එක easily damage වීම හේතුවෙන්. (වීඩියෝව බලන්න) Original ඩිස්ප්ලේ එකක මේ වගේ දෙයක් එන්නේකලාතුරකින්. (Water damage එකකින් හෝ උල් දෙයක් ඇනීමෙන්)
6- Touch sensitivity
මේකනම් සාමන්‍යෙන් කෙනෙක්ට තේරෙන්නේ නැතිවෙන්න පුලුවන්. සාමන්‍යෙන් Touch sensitivity එක වෙනස් Fake display එකක. ගොඩක් වෙලාවට අපි හරියටම ටච් කරන තැන ටච් වෙනවද කියලා බලන්න.
මේක චෙක් කරන්න ගොඩක් අයට දන්නේ නෑ සහ තේරෙන්නෙත් නෑ. මම කරන්නේ අතේ දහඩිය හොඳට පිහදාලා keyboard එක ඔන් කරලා ඒකේ keys උඩින් ඇගිල්ල දිගට ඇදගෙන යනවා. Keys ඔක්කොම උඩට පොපප් උනත් Original ඩිස්ප්ලේඑකකනම් Touch sensitivity එක හොඳයිනම් ටයිප් වෙන්නේ අන්තිමට touch වෙන key එක විතරයි. (පළවෙනි කමෙන්ට්එකේ තියෙන screen recording එක බලන්න) *මේක කරන්න නම් iOS 13 වල අය Slide to type Option එක disable කරන්න ඉස්සෙල්ලම. (කමෙන්ට්ස් වල තියෙන ස්ක්‍රීන් ශොට් එක බලන්න)
පහල තියෙන්නේ අන්තිම කරුණු දෙක. එතනිනුත් අන්තිම එක සංවේදී නැති අය කියවන්න එපා. කියවලා බනින්නත් එපා.
7- Display off color
ෆෝන් එක ඕෆ් කරලා තියෙද්දී ඩිස්ප්ලේ එකේ පාට ගැනයි මේ කියන්නේ. සාමාන්‍යෙන් ඔරිජිනල් ඩිස්ප්ලේ එක මේ වෙලාවටපැත්තෙන් බැලුවාම කලුපැහැ(නිල් පැහැයකට හුරු) පාටක් පේන අතර Original නොවන display වල මේ පාට තද දුඹුරු හෝතද නිල් පාටක් ගන්නවා. (සමහර Tempered glass ගහලා තියෙන ෆෝන් වල මේක චෙක් කරන්න බෑ)
8- 3D Touch / Haptic touch Taptic feedback delay (Bonus of the post)
6S වලින් උඩ ෆෝන් වලට දාලා තියෙන copy display වල මේක ගොඩක් කැපී පෙනුනත් හැමෝටම මේක බලන්න තේරෙන්නේනෑ. ඒක ඉතින් කරුමෙට අත්දැකීමෙන් කියන්න පුලුවන් දෙයක් උනත් මම ඒක ගැනත් ලියන්නම්. මේක ලොකුවට බලන්නතේරෙන්නේ නැත්තන් බලන්න අවශ්‍ය නෑ. මම මේ කියන දේ තේරෙන්නෙම නැති වෙනසක් වෙන්නත් පුලුවන් නමුත් මටනම් high copy සහ ග්ලාස් ගහපු ඩිස්ප්ලේ original එකෙන් වෙන් කරගන්න ලොකු හෙල්ප් එකක්. මේ test එක Advance වැඩී. වඩාසංවේදී නොවන අය කියවීමෙන් වළකින්නැයි ඉල්ලා සිටිමි.
3D Touch (press) ගැන හැමෝම දන්නවානේ. නමුත් iOS 13 එක්ක ඒක Haptic Touch (long touch hold) වලට මාරුඋනානේ. ඒවා ගැන ඔයාලා දැනුවත් ඇති.
අපි 3D Touch හරි Haptic Touch හරි යූස් කරද්දි ඒ දෙකේ වෙනස තමයි 3D Touch එකේදී පොඩ්ඩක් වේගයෙන්submenu එක popup වෙනවා Haptic Touch වලට වඩා. මම මේ කියන්නේ මේ popup එක එක්කම එන Taptic feedback එක (Vibrate එක) ගැන. 3D Touch වලදී මේ Taptic feedback එක instantaneous ( එවෙලෙම එනවා) ඒඑක්කම submenu එකත් popup වෙනවා. නමුත් Haptic Touch වලදී Taptic feedback එකට ආසන්න වශයෙන් තත්පර0.25 කුත් sub menu popup එකට තව තත්පර 0.25කුත් යනවා. මේ තත්පර දශම ගානක වෙනස මටනම් තේරෙනවාoriginal නොවන display එකක.
post credit goes to CS mobile